විෂ්ණු දෙවියන්ගේ දස අවතාර


බෞද්ධ අයත් හින්ඳු අයත් යන දෙගොල්ලගේම වන්දනාවට පාත්‍රවන දිවි කෙනෙක් විදිහට විෂ්ණු දෙවියන් හදුන්වන්න පුලුවන් දෙවියන් විශ්වාස කිරීම හෝ නොකිරීම එක එක්කෙනාගෙ අදහස් මත වෙනස් වෙන්න පුලුවන්. ඒක කොහොම උනත් පුරාණ දේව කතා ආදියට අපි කවුරුත් කැමතියිනේ... අද මම ඉදිරිපත් කරන්නේ මේ පුරාණ කතා ආදියෙහි විෂ්ණු දෙවියන් ගැන තොරතුරු කිහිපයක් 

විෂ්ණු දෙවියන් උපේන්ද්‍ර දිව්‍ය රාජයා යන නමින්ද හඳුන්වයි. බ්‍රහ්ම,විෂ්ණු , මහේශ්වර යන ත්‍රිමූර්තියේ දෙවැනි තැන හිමිවන්නේ විෂ්ණුටයි. වේදයෙහි නොසදහන් මොහු දක්ශිණ ප්‍රදේශයට අයත් දෙවියෙකු ලෙස සැළකේ. සිරිකත එනම් ශ්‍රියා කාන්තාවගෙන් ඈත් වීම නිසා සිතේ උපන් වියෝ දුකට මොහුගේ ශරීරය නිල් පැහැ වූ බව සඳහන් වේ. 

ලක්ෂ්මී හෙවත් සිරිකත වාසය කරන්නේ විෂ්ණුගේ උරතලයේ ය. ලක්ෂ්මී දෙවඟන සිරිකතවන හෙයින් යමෙකු ධනධාන්‍යයෙන් ආඪ්‍ය වූ විට "ඔහු උරමත ලක්ෂ්මී දෙවඟන වසන්නී " යැයි කියමනක් තිබේ. 
විෂ්ණුගේ පපු පෙදෙසෙහි උඩැක්කියක ලකුණු දක්නට ලැබෙන්නේලු. එය කොතඹු ගල නම් ආභරණයක් යැයි සමහරු කියන්නේලු. මෙනිසා විශ්ණුට "සිරිවස් ලකුණ" යන නම යෙදේ. ද්වාරවතී නගරය විෂ්ණු වාසය කරන නගරයයි. බටහිර ගුජරාටයේ පිහිටා ඇති මෙය දැනට මුහුඳෙන් යටවී ඇති බව විශ්වාස කෙරෙයි. විෂ්ණුගේ වාහනය ගුරුඬයෙකි. ගුරුළා යනු ගුරුඬාට නමකි. 
වරක් ශාපයකින් මිඳිමට දෙවියන් අසුරයන් සමඟ යුද වැදීමට විෂ්ණුගේ පිහිට යැදියහ. කිරි මුහුඳ කලඹා අමෘතය සොයා ගන්නේ නම් නැවත ශක්තිය ඇතිවන බවත් අමරණීය වන බවත් විෂ්ණු කීය. ඒ අනුව ඔහු වාසුකී නම් නාගරාජය රැහැනක් ලෙස යොදාගෙන මන්දාරම් පර්වතය එනම් මහමෙර දන්ඩක් ලෙස යොදාගෙන කිරිමුහුඳ කැළඹුවේලු. එහිදී අමෘතය ඇතුලු වස්තූන් දහහතරක් පහළ විය. කිරිමුහුඳේ දියනිය හෙවත් ලක්ෂ්මී දෙවඟන ද මේ අතර වූවාය.  
 විෂ්ණුට වේශයන් දහයකින් පෙනී සිටිය හැකිලු.

01.මත්ස්‍ය 
වෛවස්වත නම් සත්වෙනි මනු රජු ජල ගැල්මකින් මිඳවීම සඳහා විෂ්ණු මත්ස්‍ය අවතාරයිකින් පැමිණියේලු. මත්ස්‍යා කී අයුරින් ක්‍රියා කල මනු රජුට ජල ගැල්මෙන් බේරී සිටිය හැකි විය.

02.ඉබි 
කබුසු හෙවත් ඉබි අවතාරය විෂ්ණු විසින් ගන්නා ලද්දේ ජල ගැල්මේදී නැති වූ වස්තු කිහිපයක් සොයා ගැනීම සඳහාය. 

03.ඌරු 
හිරණ්‍යාක්ශ නම් යක්ෂයෙක් වරක් මහපොළව සමුදුර පතුලට ඇදගෙන ගියේලු. මේ උවද්‍රින් මිදීමට විෂ්ණු ඌරෙකුගේ වෙස් ගෙන යක්ෂයා සමඟ යුද වැදුනේලු. 

04.නාරායණ 
හිරණ්‍ය කශීපු නම් යක්ශයාගෙන් ලෝකය බේරා ගැනීම සදහා විෂ්ණු අර්ධනර , අර්ධසිංහ අවතාරයෙන් පෙනී සිටියේලු.

05.වාමන 
 විෂ්ණු කුරු මිනිසෙකුගේ වෙස ගෙන බලි නම් අසුරයෙකු පරාජ කලේලු. 

06.පරශු රාම 
ක්ෂත්‍රීයන්ගේ පීඩනයෙන් ලොව මිදීමට මේ පරශු රාම වෙස් ගත් බව සදහන් වේ. 

07. රාම 
විෂ්ණු දශරත රජුගේ පුත් රාම අවතාරයෙන් පෙනී සිටියේ රාවණා නැසීමටලු.

08. ක්‍රිෂ්ණ 
භගවත් ගීතයෙහි එන ක්‍රිෂ්ණ විෂ්ණුගේ අවතාරයකැයි සැළකේ. 

09.බුද්ධ 
බුදුන් වහන්සේ ඉන්දියාවේ මිථ්‍යා  දෘශ්ටීන් අඳුරට හෙළා බැබලවූ හෙයින් හින්දූන් විසින් බුද්ධ විෂ්ණුගේ අවතාරයක් බව සළකයි. 

10.කල්කී 
කලියුග අවසානයෙහි සුදු අශ්වයෙකු මෙන් ඇවිත් විෂ්ණු ලෝක විනාශය කෙලවර කර ලෝක දියුනුව ඇතිකරන බව කියනු ලැබේ.     

(ගිරා සන්දේශය - පුරාවෘත්ත විශ්වකෝශය ඇසුරිනි)   


Comments

Popular posts from this blog

පුරාණ කතාවල හමුවන කාමයට අධිපති -නරඟ

KFC යන්න, කර්නල් සැන්ඩර්ස් ගැන දැන ගන්න