පුරාණ කතාවල හමුවන කාමයට අධිපති -නරඟ

නරඟ  යනුවෙන් හැදින්වෙන්නේ අනංගයායි. හින්දු දේව කතාවල කාමාශාව පෙන්නුම් කරන්නේ අනංගයා සංකේතවත් කරමින්. අනංගයා ගැන රස කතා බොහොමයක් අපි අසා තිබෙනවා. වියොවග යන නමින් හැදින්වෙන්නේත් අනංගයාම තමයි. අනංගයාට මෙම නම ලැබී ඇත්තේ පෙම්වතුන්ගේ වෙන්වීමකදී ගින්නකට සමාන දුකක් ඇතිවෙන නිසාලු.


  වරක් ඊශ්වර නොහොත් ශිව දෙවියන් හිමාලය කදු මුදුනේ තපසක යෙදී සිටියාලු. මේ කාලයේ තාරක අසුරයා විසින් දේව සමූහයා යුද්ධයකට පොළබවලා තියෙනවා. මෙයින් තැතිගත් දෙවියෝ දේව සේනාධිපතියෙකු ඉල්ලා මහා බ්‍රහ්මයා වෙත පිහිට පතාගෙන ගියාම ඔහු ශිව දිවියන්ගේ තපස බිද දමා උමයංගනා දේවිය සමග සංවාස කලහොත් ඉන් උපදින පුත්‍රයා දේව සේනාධිපති කළ හැකි බව කියා සිටියාලු.ශිවගේ මෙම තපස බිද දැමීමේ භාරදූර කාර්‍ය භාර දීල තියෙන්නේ මේ අනංගයාට. ඉතින් ඊට පස්සේ මේ කාම දෙවියා  නැත්නම් අනංගයා ශිව තපස් රකින තැන රුක් ගොමුවක සැවී සිටියා. මේ කාලයේ උමයංගනා දේවියත් ශිවට ආවතේව කරනු පිණිස පැමිණ සිටියා. මේ වෙලාවෙ උමයංගනා දේවිය ශිව දෙවියාට ජප මාලයක් පිළිගන්වන අවස්ථාවේ මල්සර විදින්න හිතාගෙන දුන්න අමෝරාගෙන හිටපු අනංගයාව ශිව දෙවියෝ දැක්කලු. මෙයින් කෝප වුන ශිව තමන්ගෙ තෙවන ඇසෙන් ගින්දර පිට කරල ඔහු අලුකරා කියල තමයි පුරාණ කතාවල සදහන් වෙන්නෙ. මේ සිදුවීම නිසා අංගයක් නොමැති වූ යන අරුත් ඇතිව මොහු අනංග නම් වූ බව සදහන් වෙනවා. කොහොම වුණත් අනංගගේ බිරිද රතීගේ දැඩි ඉල්ලීම මත ශිව දෙවියන් අනංගට සිරුර නැවත ලබා දුන් බව කියවෙනවා.
අනංගයාගේ දුන්න උක් දඩුවක්  සහ දුනු දිය බිගු වැලක් බව කියවෙන අතර මේ නිසා ඔහු “උඟුසැව් “ ලෙස නම් වෙනවා. බටහිර කවීන් හදුන්වන ආකාරයට මොහු ආදරයේ හා රාගයේ අධිපති දෙවියා ය. අතිශය රූමත් සිරුරක් හිමි අනංගයාගේ මල්හීසර ලබන පෙම්වතුන් මන්මත්වන බව තමයි කවිවල පවා කියවෙන්නේ. රාගය නිසා ඇතිවන උන්මාදන,තපන,ශෝභන, ස්තම්භන, සම්මෝහ යන  පහ ඔහුගේ හී දඩු වන අතර  ඒවා  නෙලුම්,හෝපලු,අඹ ,නිල් උපුල් ,දෑ සමන් යන මල් වර්ග පහෙන් සංකේතවත් කෙරෙනවා.වසන්ත කාලයේ පෙම්වතුන්ට රාගය උපදින නිසා මොහුගේ මිතුරා නොහොත් සෙන්පතියා වන්නේ වසන්තයයි.


අනංග දෙවියාට සමාන වෙනත් නම් සහ ඒවාට හේතු-
ü  සිරුරක් නැති හෙයින් -අනංග,උනඟ , නඟ,නරඟ,
ü  උක් ඳඬුවක් අත දරන හෙයින්-උඟුසැවු
ü  ධජයෙහි මාලු රුවක් ඇති හෙයින්-  මින්දද
ü  මල් මකරන්ද ඇති හෙයින්-මුවරද
ü  අනංගයාගේ බිරිඳ රතී ය. එහෙයින්-රතීහිමි
ü  මල්සරකොට ගන්නා නිසා-මල්සරා
ü  කාමය උපදවන හෙයින් - කාමිය

ü  විෂම වූ ගී ඇති නිසා - වසම්සර

Comments

  1. "මකරධ්වජ" කියලත් කියනව නේ ද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විෂ්ණු දෙවියන්ගේ දස අවතාර

KFC යන්න, කර්නල් සැන්ඩර්ස් ගැන දැන ගන්න