චොක්ලට් රස වෑහෙන රසම රස සිනමන් ස්ටික් විනාඩියෙන් හදා ගන්න
චොක්ලට් කියුවම ඉතින් ලොකු පොඩි කවුරුත් වෙනසක් නැතිව ආසයිනේ.. අද මම කියන්න යන්නේ තේ වෙලාවට වෙනසකටත් එක්ක හදාගන්න පුලුවන් රසම සර කෑමක් ගැන ඒකට බීමක් කියන්නත් පුලුවන් ඒක ඉතින් ඔයාලගෙ කැමැත්ත. කොහොම උනත් මේකට කියන නම තමයි "සිනමන් ස්ටික්" .
හරි අපි බලමු කොහොමද මේව හදාගන්නේ කියල.
මුලින්ම වතුර මිලි ලීටර් 250ක් අරගෙන භාජනයකට දාන්න ඒකටම බටර් තේ හැඳි 2ක් එකතු කර ගන්න.
ඊට පස්සෙ ඒ භාජනය රත් වෙන්න තියන්න ඒක රත් වීගෙන එනකොට පාන් පිටි ලොකු හැඳි 2ක් එයට එක් කරන්න.
ඒවා හොඳින් කලවම් කරලා අරගෙන බෝල් එකකට දාන්න. ඊට පස්සේ බිත්තරයක් සහ බේකින් පවුඩර් මේස හැඳි එකක් දාල හොඳින් කලවම් කර ගන්න .
එම මිශ්රනය අරගෙන ඔබ කැමති ප්රමාණයකින් ස්ටික් හදා ගන්න. අතින් රෝල් කරල මේ ස්ටික් පහසුවෙන් හදා ගන්න පුලුවන්.
ඊට පස්සේ වෙනම බෝල් එකක් අරගෙන දුඹුරු සීනි සහ සිනමන් පවුඩර් ටිකක් එකට එකතු කරගෙන තියා ගන්න.
ඊට පස්සේ ඔයා හදාගත්ත ස්ටික් ටික බැදගන්න ඕන. බදින අතරතුරම බැදගන්න ස්ටික් රස්නෙ පිට කලින් හදාගත්ත දුඹුරු සීනි මිශ්රනයට දාල සීනි තැවරෙන පරිදි කලවම් කර ගන්න.
දැන් ඔයා සිනමන් ස්ටික් හදාගෙන ඉවරයි.
ඒත් ඉතින් මේවා කන්න පුලුවන් චොක්ලට් ගුනාෂ් එක්ක තමයි.
චොක්ලට්ගුනාෂ් හදන එක හරිම ලේසියි.
ඔයාට පුලුවන් ඩාර්ක් චොක්ලට් ටිකකට බටර් එකතු කරල එහෙමත් නැත්නම් මිල්ක් චොක්ලට් ටිකකට කිරි ස්වල්පයක් එකතු කරල මේ ගුනාෂ් එක හදා ගන්න.
ඊට පස්සෙ හදාගත්ත සිනමන් ස්ටික් ගුනාෂ් එක්ක රස කර කර කන්න පුලුවන්.
එහෙනම් ට්රයි කරල බලල රසද කියල කියන්නකෝ
Rasawath kemak
ReplyDelete