ජීවිතේට පාට


ඔයාගෙ ජීවිතේ මොන පාටද ඇහුවොත් ඔබට පුලුවන්ද නිශ්චිතව පාටක් කියන්න? කොහොම උනත් ජීවිත ගත්තම ඒවා එක එක පාටයි කියල කියන්න පුලුවන්. කලුසුදු ජීවිත අතරේ පාට පාට ජීවිත තියෙන්නත් පුලුවන්. ඒ අතරෙම තද පාට ජීවිත ළා පාට ජීවිතත් තියෙන්න පුලුවන්.  කොහොම උනත් කලුසුදු  වෙනවට වඩා ජීවිතේ පාට පාට වුණොත් ඒක හොඳයි කියලා කාට වුණත් කියන්න පුලුවන්. කලුසුදු ජීවිතයක් පාට කරගන්න ඒ ජීවිතේට පාට පාට අරමුණු තියෙන්න ඕන, ඒ පාට පාට අරමුණු එක තීම් එකකට තියෙනවා නම් ගොඩක් හොඳයි. හැබැයි කොහොම පාට කරන්න හිතුවත් අපේ ජීවිත පාට කරද්දි අපිටත් නොදැනිම අපේ ජීවිතවලට අනිත් අය ආස පාටත් එකතු එනවා. ඒ අතරෙ අම්මා තාත්තා සහෝදරයෝ තමන්ගෙ ආදරවන්තයා ආදරවන්තිය දරුවෝ සැමියා බිරිඳ යන ඕනම කෙනෙක් ඉන්න පුලුවන්. ජීවිතේ නොයෙකුත් බාදක නිසා අපේ ජීවිතේ අඳුරු වෙලා යන්න පුලුවන් අපි ආසම පාට මැකිල යන්නත් පුලුවන්. ඒ මොන දේ වුනත් ජීවිතේ ලස්සනට පාට කර ගන්න පුලුවන් දක්ෂ සිත්තරෙක් අපි හැමෝම ගාව ඉන්නවා කියන එක අමතක කරන්න එපා.

Comments

Popular posts from this blog

විෂ්ණු දෙවියන්ගේ දස අවතාර

පුරාණ කතාවල හමුවන කාමයට අධිපති -නරඟ

KFC යන්න, කර්නල් සැන්ඩර්ස් ගැන දැන ගන්න