හැඩවැඩ පාන - ලස්සන පාද


අපේ ගෑණු ළමයි ගොඩක් දෙනෙක් ගවුම් , සාය වගේ විලාසිතවලට හුඟක් කැමතියිනේ. ඇත්තටම ගෑණු ළමයෙක්ට ගවුමක් සායක් ඇන්ඳම හරිම ලස්සනයි. ඒත් ඉතින් එහෙම ඇන්ඳම ඔබේ පාද නිරාවරණය වෙන එක නම් නවත්වන්න බැහැ. මෙහෙම පාද නිරාවරණය වෙනකොට ඒවා අවපැහැ ගැන්විලා කැතට දිස් වෙනවා නම් ඒක ඔයාගෙ ලස්සනට ලොකු බලපෑමක් ඇති කරනවා. කොච්චර ලස්සන ඇඳුමක් ඇන්දත් වැඩක් නෑ ඔබේ දෙපා ලස්සනට නැත්නම් ඒ අවලස්සන කැපිල පේන්න ගන්නවා.  ඒ නිසා ඔයාගෙ  දෙපා ලස්සනට තියා ගන්න එක බොහොම වැදගත් වෙනවා . ලස්සන දෙපා යුගලක් ගෑණු ළමයෙකුට ලොකුම ලොකු ලස්සනක් ගෙනත් දෙනවා. ඉතින් ඒ ලොකුම ලොකු දේ වෙනුවෙන් කරන්න පුලුවන් බොහොම පොඩි සත්කාර ටිකක් තමයි අද ඉදිරිපත් කරන්නේ. මේ පුංචි සත්කාර ටික හරියට කරොත් ලස්සන දෙපා යුගලක් එක්ක හැඩවැඩ පාන්න ඔබටත් පුලුවන් වේවි.

ü  මී පැණි ,ඔලිව් තෙල් ,දුඹුරු සීනි, කලවම් කර දෙපා ස්ක්‍රබ් කරන්න.
ü  කොකෝවා, බටර්,රෝස වතුර, ඕට්ස් පිටි , මී පැණි , සීනි මිශ්‍ර  කර දෙපා ස්ක්‍රබ් කරන්න
ü  වෙනිවැල්ගැට , රෝස වතුර, යොදා ස්ක්‍රබ් කරන්න
ü  අලිගැටපේර මඳය , සූරියකාන්ත තෙල් සමඟ ආලේප කර විනාඩි කිහිපයක් තබා සෝදා හරින්න.
ü  යෝගට් , මී පැණි ,ගස්ලබු ,දෙහි, එකට එකතුකර ආලේප කර විනාඩි දහයකින් පමණ සෝදා හරින්න
ü  රාත්‍රී නින්ඳට යාමට පෙර මිල්ක් ක්‍රීම් එකක් ආලේප කරන්න


Comments

Post a Comment

Popular posts from this blog

විෂ්ණු දෙවියන්ගේ දස අවතාර

පුරාණ කතාවල හමුවන කාමයට අධිපති -නරඟ

KFC යන්න, කර්නල් සැන්ඩර්ස් ගැන දැන ගන්න