ක්ලියෝපැට්‍රා ගංජා භාවිතාකළ බව ඔබ දැන සිටියාද?

Image result for cleopatra

ක්ලියෝපැට්‍රා කියන්නේ සුන්දරත්වයෙන් මුලු ලෝකෙම වශී කර ගත්ත සුරූපිනියක්. ඇය ඇගේ සුන්දරත්වය පවත්වාගෙන යන්න හරි අපූරු දේවල් භාවිතා කලා. ඒ අතර ඇය ඇගේ රූපලාවන්‍ය කටයුතු සඳහා ගංජා පවා භාවිතා කරල තියෙනවා. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ක්ලියෝපැට්‍රා මේ විදිහට රුව රැකගන්න භාවිතා කරපු දේවල් සහ ක්‍රම ගැනයි.

කිරි ස්නානය
නාන තටාකයට කිරි සහ මී පැණි මිශ්‍ර කර දිය නෑම ඇය රූපාලංකරණය සඳහා යොදාගත් ප්‍රධාන ක්‍රමවේදයක් වුනා. ඇගේ සුමුදු සමේ රහස මේ ආකාරයෙන් බූරුවන්ගේ කිරි මී පැණි සහ ආමන්ඩ් තෙල් යොදා ස්නානය කිරීමයි. මෙහිදී බූරුවන්ගේ කිරි වෙනුවට එලුවන්ගේ හෝ හරකුන්ගේ කිරි වුවත් යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. 

ලුණු ස්ක්‍රබ් එක
ස්නානයෙන් පසුව ඇය අපූරු ස්වභාවික ස්ක්‍රබ් එකක් යොදාගෙන  ශරීරය සම්භාහනය කරගෙන තියෙනවා.   ඒ සඳහා ඇය යොදාගෙන තිබෙන්නේ මුහුඳින් ලබා ගන්නා ලුනුයි.  ක්‍රීම් වර්ගයක් සමඟ ලුණු මිශ්‍ර කරල සම්භාහනය කරොත් ඔයාලටත් සමේ මැරුණු සෛල ඉවත් කර ගන්න හැකියාව ලැබෙනවා. 

මුහුණට සිදුකළ ස්වභාවික සත්කාර 
කෝමාරිකා සහ මී පැණි මිශ්‍ර කර සාදාගන්නා ආලේපයක් ඇය විසින් ෆේස් පැක් එකක් විදිහට භාවිතා කරල තියෙනවා. එසේම මී වදවල ඇති ඉටි එක්කර සාදාගන්නා ලද ආලේපයක් මුහුණේ සම රැලි වැටීම අවම කර ගන්න භාවිතා කරල තියෙනවා, 

රෝස වතුර ටෝනර් 
ක්ලියෝපට්‍රා විසින් ස්වභාවික රෝස වතුර ටෝනර් එකක් විදිහට භාවිතා කරල තියෙනවා.  රෝස වතුර භාවිතා කරමින් උදය සහ සවස මුහුණ පිස දැමීමෙන් සුසිනිඳු සමක් ලබා ගන්න හැකිවෙලා තියෙනවා.

ඇපල් විනාකිරි 
ක්ලියෝපැට්‍රා විසින් මුහුණ සේදීම සඳහා ඇපල් විනාකිරි යොදාගෙන තිබෙන අතර ඇපල් අදටත් රූපලාවන්‍ය කටයුතු සඳහා බහුලව භාවිතා වෙනවා.

අක්ෂි සත්කාරය 
 ක්ලියෝපැට්‍රා ඇගේ ඇස්වල දීප්තිය හා නිරෝගීබව පවත්වා ගැනීමට සැල්දිරි සහ ගංජා යොදා ගනිමින් සාදාගත් මිශ්‍රනයක් භාවිතාකර තිබෙනවා, 

හිසකෙස් සත්කාරය 
මී පැණි මේස හැදි 3ක් සමඟ කැස්ටර් තෙල් හෝ ඔලිව් ඔයිල් තෙල් මේස හැන්ඳක් මිශ්‍රකර හොඳින් සෝදාගත් කෙස් කළඹට යොදා විනාඩි 15ක් පමණ සිටීමෙන් පසු සොදා හැරීමෙන් ක්ලියෝපට්‍රා ඇගේ කෙස් කළඹේ සුන්දරත්වය රැකගෙන තිබෙනවා. 

Comments

Post a Comment

Popular posts from this blog

විෂ්ණු දෙවියන්ගේ දස අවතාර

පුරාණ කතාවල හමුවන කාමයට අධිපති -නරඟ

KFC යන්න, කර්නල් සැන්ඩර්ස් ගැන දැන ගන්න