මොනවහරි කමු

මෙක්සිකන් රොටී

අවශ්‍ය දේ
·         පාන් පිටි 500g
·         ලුණු කුඩු
·         යීස්ට් හෝ බේකින් පවුඩර් තේ හැඳි ½
·         වතුර
·         අයිස් වතුරමේස හැඳි 5ක්
·         මාගරින් මේස හැඳි 3ක්
·         මොසරැල්ලා චීස් 25g
·         ගම්මිරිස් කුඩු තේ හැඳි ½

  හදන විදිහ
පළමුව පිටි හලා ගන්න . බේකින් පවුඩර්,යීස්ට්,ලුණු, ගම්මිරිස් සහ අයිස් වතුර දමා හොඳින් අනා ගන්න. පසුව ග්‍රේට් කරගත් චීස් දමා නැවත අනාගන්න. එයට වතුර ටික ටික දමමින් අතේ නොඇලෙන පදමට අනාගෙන කුඩා බෝල සාදා ගන්න. එම බෝල උඩින් තෙල් ස්වල්පයක් තවරන්න. මෙය පැයක් පමණ පිපෙන්නට තබන්න. පසුව බෝඩ් එකකට පිටි ස්වල්පයක් ඉස රවුමට  තුනී කරගෙන පෑන් එකට දමා පැත්තක් පුලුස්සා ගන්න. රොටිය බාගත් විගසම පිරවුමෙන්මේස හැඳි ½ ක් පමණ දමා හොඳින් රෝල් කර එයට ටූත් පික් එකක් ගසා ගන්න.

පිරවුමට

කුකුලු මස් ගන්නේ නම් එය තම්බා බැද ගන්න. එයට ලීක්ස් , කැරට් , සිහින්ව කපා තෙම්පරාදු කරන්න. එය තෙම්පරාදුවන අතරතුර ලුණු ,ගම්මිරිස් , කෑලි මිරිස් සහ සෝයා සෝස් දමා ගන්න. තක්කාලි කොටු කපා එයට චීස්ද දමා පිසගන්න.      

Comments

Popular posts from this blog

විෂ්ණු දෙවියන්ගේ දස අවතාර

පුරාණ කතාවල හමුවන කාමයට අධිපති -නරඟ

KFC යන්න, කර්නල් සැන්ඩර්ස් ගැන දැන ගන්න