සුපිරි BMW මෝටර් රථ ඉතිහාසය දැනගන්න
බයිරිෂේ මෝටරෙන් වෙර්කේ(Bayerische Motoren Werke)ඉන් අදහස් වන්නේ බැවේරියන් මෝටර් වර්ක්ස්(Bavarian Motor Works)සඳහා කෙටි නාමය ඔබ අප කවුරුත් දන්නා BMW යන්න වේ.අද එහි ආරම්භයේ සිට දිගු ගමනක් පැමිණ
ඇති අතර වඩාත් ජනප්‍රිය,ස්පෝර්ට්ස් සුඛෝපභෝගී හා පවුලේ මෝටර් රථයක් බවට පත්ව තිබේ.
මෙම සුපිරි BMW ඉතිහාසය,එහි නිර්මාතෘ වන කාල් ෆෙඩ්රික් රැප්(Karl Friedrich Rapp)ගේ උත්සාහයේ ප්රථිඵලයක් ලෙස ජර්මනියේ Oberwiesenfeld හි Rapp Motorenwerke GmBH ලෙස ආරම්භ කරන ලදී.BMW සමාගම ආරම්භයේ දී ගුවන් යානා සඳහා භාවිතා කරන V12 වර්ගයේ එන්ජින් නිෂ්පාදනය කිරීම සඳහා ගුවන් යානා නිෂ්පාදක ගුස්ටාව් ඔටෝ(Gustav Otto)සහ ඔස්ට්‍රෝ-ඩේම්ලර්(Austro-Daimler)යන සමාගම් සමග ගිවිසුම්ගත විය.
1916 දී ගුවන් යානා කර්මාන්තයේ සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා ගැනීමෙන් පසුව සමාගම බයරිෂේ මොටරෙන් වෙර්කේ ජීඑ.ම්බී.එච් (Bayerische Motoren Werke GmbH)ලෙස නම් කරන ලදී.මෙම කාලය තුලදී ෆ්රාන්ස් ජෝසෆ් පොප් (Franz Josef Popp )BMW සමාගමේ ගුවන් යානා එන්ජින් අධීක්ෂකයාට බවට පත්විය.සති කිහිපයක් ඇතුළත මැක්ස් ෆ්රිස්(Max Friz)විසින් නව ගුවන් යානා එන්ජිමක් සහිත නව ගුවන් යානානයක් නිර්මාණකල අතර එය BMW llla ලෙස නම් කෙරැණ අතර වැඩි කල් නොගොස්ම සමාගම BMW ලෙස ජනප්‍රිය විය.මේ අතර සමාගමේ හිමිකරුවන් නව ලාංඡනයක් සැලසුම් කිරීමට තීරණය වූ අතර ඒ අනුව BMW සමාගමේ ප්‍රසිද්ධ නිල් සහ සුදු පැහැති වෙළඳ ලකුණු නිර්මාණය විය.
කෙසේ වෙතත් 1918 දී BMW ගුවන් යානා එන්ජින් නිෂ්පාදනය නතර කිරීමට බලපෑම් කරන ලදී.එබැවින් සමාගම වැඩි කල් යන්න කලින්1923 දී යතුරු පැදි නිෂ්පාදනයට යොමුවිය.එයිනුත් වැඩික්ල් නොගොස්ම මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්රයේ විශාල හැකියාවක් දුටු BMW සමාගම1928 දී මෝටර් රථ නිෂ්පාදනය ද ආරම්භ කිරීමට යොමු වූ අතර නිෂ්පාදනය කරන කරන ලද පළමු මෝටර් රථ BMW Dixi නම් විය.
1930 දශකයේ දී BMW සමාගම ඇදහිය නොහැකි තරම් සාර්ථක වූ Wartburg DA3 නව මෝටර් රථයක් හඳුන්වා දුන් අතර වැඩි කල් යන්න කලින් සමාගම ඔවුන්ගේ Dixi හා Wartburg ආදර්ශ සඳහා නව ඉදිරිපස ඇක්සලයක් හඳුන්වාදෙන ලදී.නමුත් මුල් ආකෘති වල ඇති වූ වැරදි නිෂ්පාදන ඉදිකිරීම් නිසා ඒවායින් බොහෝමයක් බරපතල අනතුරුවලින් අවසන් විය.කෙසේ වෙතත්1933 දී සමාගම නැවත තරඟයට අවතීර්ණ වූ අතර නව
M 78 එන්ජිම භාවිතා කර 303 නිෂ්පාදනය කළේය.
පසුව1930 ගනන් පුරා තිබූ 303 වෙනුවට නවතම ආකෘති වූ 326, 320, 329, 327 සහ වඩාත්ම ජනප්‍රිය 328 බ්‍රෙසියා ග්‍රැන්ඩ් ප්‍රික්ස්(Brescia Grand Prix)ද නිර්මාණය කළේය.කෙසේ වෙතත් 1940 දී එලැඹෙන යුද්ධය හේතුවෙන් BMW සමාගම මිලිටරි මෝටර් රථ නිෂ්පාදනය කිරීම සඳහා මාරු වීමට වැඩි කැමැත්තක් දැක්වීය.
1950 දී BMW සමාගම නැවත් මෝටර් රථ ක්ෂේත්රයට ඇතුළත් වූ අතර පළමු පශ්චාත් යුද සමයෙන් පසු BMW 501 හඳුන්වා දෙන ලදී.1954 වන විට BMW වඩාත් ප්‍රසිද්ධ මෝටර් රථය විය.සුපිරි BMW 502 V8 එහි මංගල එළි දැක්වීම සමාගමේ කීර්තිනාමය ලොව පුරා වර්ධනය කිරීමට ඉවහල් විය.1956 දී BMW සමාගම මස්කල් 507 මෝටර් රථය හඳුන්වා දෙන ලදී.එම අවස්ථාවේ දී සමාගම විශාලතම මුදල් ප්‍රමාණය උපයාගෙන ඇත.
1960 දශකය BMW ඉතිහාසය තුල ඇදහිය නොහැකි තරම් සාර්ථක කාලයක් විය.ඇත්ත වශයෙන්ම සමාගමට මියුනික් බලාගාරයේ නිෂ්පාදනය හා පාරිභෝගික ඉල්ලීම් හැසිරවිය නොහැකි තරමට බොහෝසේ ජනප්‍රිය බවට පත් වී ඇත.ඒ නිසා 1967 දී සමාගම බර්ලින් හි පිහිටි විශාල නව ස්ථානයකට මාරුවී එහි යතුරැ පැදි නිෂ්පාදනය ආරම්භ කරන ලදී.1970 දශකයේ දී BMW දකුණු අප්‍රකාවේ සිය මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කළේය.
වසර කිහිපයකට පසු BMW Motorsport GmbH ආරම්භ කරන ලද අතර ඊට සමගාමීව ඔවුන්ගේම ගුවන් යානා එන්ජින් සහ සාම්ප්‍රදායික මෝටර් රථ කෞතුකාගාරයක් ස්ථාපිත කරන ලදී.මේ කාලය තුළ දී තවමත් නිෂ්පාදනය වන BMW 5 Series,3 Series,6 Series සහ 7 Series මෝටර් රථ වෙළෙඳපලට හඳුන්වා දෙන ලදී.
1980 දී රෙගෙන්ස්බර්ග් හි නව නිෂ්පාදන බලාගාරයක් ආරම්භ කළ අතර සමාගම ලොව පුරා කාර්ය්යයක්ෂමව මෙහයුම් දියත් කරන ලදී.
1990 දශකයේ දී BMW එක්සත් ජනපදට ඇතුළු වී ඉතා ඉක්මනින් බ්‍රිතාන්‍ය ලෑන්ඩ්රොවර් සමූහය අත්පත් කර ගත්තේය.BMW අයිතිය යටතේ ලෑන්ඩ් රෝවර් සහ මිනි කූපර් වෙළෙඳපලට ඉදිපත් කරන ලද අතර එමෙන්ම බොහෝ උදාසීනව පැවති වොල්ස්ලි(Wolseley)
ට්‍රම්ප්(Triumph),රයිලි(Riley),මොරිස්(Morris)හා ඔස්ටින්(Austin)මෝටර් රථ සඳහා ද අයිතිවාසිකම් කීවේය.
2000 දී මිනි කූපර් සහ රෝල්ස් රොයිස් අත්පත් කරගත්තේය.එම සමාගම සිය ප්‍රසිද්ධ BMW 1 Series මෝටර් රථය හඳුන්වා දෙන ලද අතර වැඩි කල් යන්න කලින් සමාගම චීනයේ ෂෙන්යැං හි නව නිෂ්පාදන බලාගාරයක් ස්ථාපිතකර චීනය සමග බද්ධ ව්‍යාපාරයක් ආරම්භකලේය.
2013 වන විට නව BMW i3 හඳුන්වාදෙම්න් විදුලිය මගින් ගමන් කල හැකි නව යුගයක් ආරම්භ කරන ලදී.
සුපිරි BMW ඉතිහාසයේ කීර්තිය පෙන්නුම් කරමින් තවමත් ලෝකයේ හොඳම සුඛෝපභෝගී වාහන නිෂ්පාදකයන් තුන අතර පවතී. මීට අමතරව සමාගම යතුරු පැදි නිෂ්පාදනයේ ද ඉහළ ස්ථානයක් ලබා ඇති අතර BMW Motorrad, BMW I, BMW Motorsport සහ MINI ලෙස BMW නව අංශ හතරක් ද ඇත.තව ද එම සමාගම මෝටර් රථ 2,117,965 ක් හා යතුරු පැදි 120,000 ක් වාර්ෂික නිෂ්පාදනය කරයි.
විශේෂ තොරතුරැ
* 1956 දී අතින් නිමකරන(Hand Made)ලද BMW 507 ස්පෝර්ට් මෝටර් රථය හඳුන්වා දෙන ලද අතර එහි ඒකක 252 පමණක් නිෂ්පාදනය කරන ලද නමුත් එම මෝටර් රථ සියල්ල එක් ගැනුම්කරුවකුගේ පෞද්ගලික අභිමතයට ප්‍රමුඛත්වය දී නිපදවීම විශේෂත්වයක් විය.
* 1996 දී නිපද වූ BME Z3 මෝටර් රථය ප්‍රසිද්ධ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වූ GoldenEye සඳහා යොදාගැනීමෙන් පසු එහි මංගල එළිදැක්වීම සිදුවිය.
* 1990 දශකයේ දී BMW ගුවන් යානා එන්ජින් නිෂ්පාදනය පිළිබඳ සිය දීර්ඝකාලීන උරුමය දිගටම රෝල්ස් රොයිස් සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ගියේය.
BMW ඉතිහාසය තුල දැක ගැනීමට හැකි වන පරිදි එම සමාගම ඇදහිය නොහැකි තරම් දිගු ගමනක් පැමිණ ඇත.එම සමාගම දෙවන ලෝක යුද්ධ සමයේ බොහෝ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවුවත් සමාගමේ ශක්තිමත් කළමනාකරණය මගින් මෝටර් රථ ලෝකයේ විශාලතම නිෂ්පාදකයන්ගෙන් එකක් බවට අද පත්ව තිබේ.
Honda aadarshayak jeewithetath....
ReplyDeleteekaneeeee
Deletehodai
ReplyDelete