KFC යන්න, කර්නල් සැන්ඩර්ස් ගැන දැන ගන්න


රසම රස චිකන් කන්න , සෙල්ෆි ගහන්න යාලුවෝ එක්ක  KFC යන්න අපි කවුරුත් කැමතියිනේ.. ඒත් ඔයාල දන්නවද මේ KFC අවන්හල් ජාලය මුලින්ම ආරම්භ කලේ කවුද කියලා. ඔහු තමයි කර්නල් සැන්ඩර්ස්. අද මම කියන්න යන්නෙ මේ කර්නල් ගැන පුංචි විස්තර ටිකක්.


  සුදු පැහැති කබායකින් සැරසී සිනහවකින් මුව සරසාගෙන සිටින කර්නල් සැන්ඩර්ස් ලොව බාල මහලු කා තරත් ජනප්‍රිය චරිතයකි. ශ්‍රී ලංකාවේද 1995 පටන් ඔහු සැරිසරයි. මේ චරිතය  KFC ( Kentucky fried chicken)
අවන්හල් ජාලයේ සන්නාම සළකුණයි. ඔහු KFC අවන්හල් ජාලයේ නිර්මාතෘ හාලන්ඩ් සැන්ඩර්ස් ය.
සුදු පැහැති කබාය,කලු ටයි පටිය,කෙටි යට රැවුල මේ චරිතයේ සුවිශේෂී ලක්ෂණ වෙයි. ඔහුගේ නම සහ රුව ජනතාව තර ජනප්‍රිය වූ නිසා 1935 දී කෙන්ටකී ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඔහුට කෙන්ටකී කර්නල් යන නාමය ප්‍රධානය කළේය. ඔහුගේ අවන්හල් ජාලය ඇමෙරිකාවේ අංක එකේ ක්ෂණික ආහාර අවන්හල් ජාලය බවට පත්විය.
නියම කුක් කෙනෙකු වන මේ කර්නල් මුලින්ම සිය ව්‍යාපාරය ආරම්භ කළේ ගෑස් පිරවුම්හල අසල සංචාරකයින්ට බැදපු කුකුලුමස් අලෙවි කරමිනි. කුකුලු මස් ඔහුටම ආවේණික වූ ක්‍රමයකට බදින ලද නිසා එහි වූයේ සුවිශේෂී රසයකි. එහි වට්ටෝරුව රහසක් විය. මස් සැකසීමට තුනපහ වර්ග 11ක් යොදාගත් අතර ඔහු තුනපහ සහිත භාජනය යන යන තැන රැගෙන යාම සිරිතක් කොටගෙන සිටියේය. මෙන්න මේ විදිහට තමයි ඔයාල රස  කර කර කන   KFC අවන්හල් ආරම්භ වුණේ.

Comments

Post a Comment

Popular posts from this blog

විෂ්ණු දෙවියන්ගේ දස අවතාර

පුරාණ කතාවල හමුවන කාමයට අධිපති -නරඟ