Posts

ජීවිතේට පාට

Image
ඔයාගෙ ජීවිතේ මොන පාටද ඇහුවොත් ඔබට පුලුවන්ද නිශ්චිතව පාටක් කියන්න? කොහොම උනත් ජීවිත ගත්තම ඒවා එක එක පාටයි කියල කියන්න පුලුවන්. කලුසුදු ජීවිත අතරේ පාට පාට ජීවිත තියෙන්නත් පුලුවන්. ඒ අතරෙම තද පාට ජීවිත ළා පාට ජීවිතත් තියෙන්න පුලුවන්.  කොහොම උනත් කලුසුදු  වෙනවට වඩා ජීවිතේ පාට පාට වුණොත් ඒක හොඳයි කියලා කාට වුණත් කියන්න පුලුවන්. කලුසුදු ජීවිතයක් පාට කරගන්න ඒ ජීවිතේට පාට පාට අරමුණු තියෙන්න ඕන, ඒ පාට පාට අරමුණු එක තීම් එකකට තියෙනවා නම් ගොඩක් හොඳයි. හැබැයි කොහොම පාට කරන්න හිතුවත් අපේ ජීවිත පාට කරද්දි අපිටත් නොදැනිම අපේ ජීවිතවලට අනිත් අය ආස පාටත් එකතු එනවා. ඒ අතරෙ අම්මා තාත්තා සහෝදරයෝ තමන්ගෙ ආදරවන්තයා ආදරවන්තිය දරුවෝ සැමියා බිරිඳ යන ඕනම කෙනෙක් ඉන්න පුලුවන්. ජීවිතේ නොයෙකුත් බාදක නිසා අපේ ජීවිතේ අඳුරු වෙලා යන්න පුලුවන් අපි ආසම පාට මැකිල යන්නත් පුලුවන්. ඒ මොන දේ වුනත් ජීවිතේ ලස්සනට පාට කර ගන්න පුලුවන් දක්ෂ සිත්තරෙක් අපි හැමෝම ගාව ඉන්නවා කියන එක අමතක කරන්න එපා.

චොක්ලට් රස වෑහෙන රසම රස සිනමන් ස්ටික් විනාඩියෙන් හදා ගන්න

Image
චොක්ලට් කියුවම ඉතින් ලොකු පොඩි කවුරුත් වෙනසක් නැතිව ආසයිනේ.. අද මම කියන්න යන්නේ තේ වෙලාවට වෙනසකටත් එක්ක හදාගන්න පුලුවන් රසම සර කෑමක් ගැන ඒකට බීමක් කියන්නත් පුලුවන් ඒක ඉතින් ඔයාලගෙ කැමැත්ත. කොහොම උනත් මේකට කියන නම තමයි "සිනමන් ස්ටික්" .  හරි අපි බලමු කොහොමද මේව හදාගන්නේ කියල.  මුලින්ම වතුර මිලි ලීටර් 250ක් අරගෙන භාජනයකට දාන්න  ඒකටම බටර් තේ හැඳි 2ක් එකතු කර ගන්න.  ඊට පස්සෙ ඒ භාජනය රත් වෙන්න තියන්න ඒක රත් වීගෙන එනකොට පාන් පිටි ලොකු හැඳි 2ක් එයට එක් කරන්න.  ඒවා හොඳින් කලවම් කරලා අරගෙන  බෝල් එකකට දාන්න.  ඊට පස්සේ බිත්තරයක් සහ බේකින් පවුඩර් මේස හැඳි එකක් දාල හොඳින් කලවම් කර ගන්න .  එම මිශ්‍රනය අරගෙන ඔබ කැමති ප්‍රමාණයකින් ස්ටික් හදා ගන්න. අතින් රෝල් කරල මේ ස්ටික් පහසුවෙන් හදා ගන්න පුලුවන්.  ඊට පස්සේ  වෙනම බෝල් එකක් අරගෙන දුඹුරු සීනි  සහ සිනමන් පවුඩර් ටිකක් එකට එකතු කරගෙන තියා ගන්න.  ඊට පස්සේ ඔයා හදාගත්ත ස්ටික් ටික බැදගන්න ඕන.  බදින අතරතුරම බැදගන්න ස්ටික්  රස්නෙ පිට කලින් හදාගත්ත දුඹුරු සීනි...

විෂ්ණු දෙවියන්ගේ දස අවතාර

Image
බෞද්ධ අයත් හින්ඳු අයත් යන දෙගොල්ලගේම වන්දනාවට පාත්‍රවන දිවි කෙනෙක් විදිහට විෂ්ණු දෙවියන් හදුන්වන්න පුලුවන් දෙවියන් විශ්වාස කිරීම හෝ නොකිරීම එක එක්කෙනාගෙ අදහස් මත වෙනස් වෙන්න පුලුවන්. ඒක කොහොම උනත් පුරාණ දේව කතා ආදියට අපි කවුරුත් කැමතියිනේ... අද මම ඉදිරිපත් කරන්නේ මේ පුරාණ කතා ආදියෙහි විෂ්ණු දෙවියන් ගැන තොරතුරු කිහිපයක්  විෂ්ණු දෙවියන් උපේන්ද්‍ර දිව්‍ය රාජයා යන නමින්ද හඳුන්වයි. බ්‍රහ්ම , විෂ්ණු , මහේශ්වර යන ත්‍රිමූර්තියේ දෙවැනි තැන හිමිවන්නේ විෂ්ණුටයි. වේදයෙහි නොසදහන් මොහු දක්ශිණ ප්‍රදේශයට අයත් දෙවියෙකු ලෙස සැළකේ. සිරිකත එනම් ශ්‍රියා කාන්තාවගෙන් ඈත් වීම නිසා සිතේ උපන් වියෝ දුකට මොහුගේ ශරීරය නිල් පැහැ වූ බව සඳහන් වේ.   ලක්ෂ්මී හෙවත් සිරිකත වාසය කරන්නේ විෂ්ණුගේ උරතලයේ ය. ලක්ෂ්මී දෙවඟන සිරිකතවන හෙයින් යමෙකු ධනධාන්‍යයෙන් ආඪ්‍ය වූ විට  "ඔහු උරමත ලක්ෂ්මී දෙවඟන වසන්නී " යැයි කියමනක් තිබේ.  විෂ්ණුගේ පපු පෙදෙසෙහි උඩැක්කියක ලකුණු දක්නට ලැබෙන්නේලු. එය කොතඹු ගල නම් ආභරණයක් යැයි සමහරු කියන්නේලු. මෙනිසා විශ්ණුට "සිරිවස් ලකුණ" යන නම යෙදේ. ද්වාරවතී නගරය විෂ්ණු වාසය කර...

KFC යන්න, කර්නල් සැන්ඩර්ස් ගැන දැන ගන්න

Image
රසම රස චිකන් කන්න , සෙල්ෆි ගහන්න යාලුවෝ එක්ක  KFC යන්න අපි කවුරුත් කැමතියිනේ.. ඒත් ඔයාල දන්නවද මේ KFC අවන්හල් ජාලය මුලින්ම ආරම්භ කලේ කවුද කියලා. ඔහු තමයි කර්නල් සැන්ඩර්ස්. අද මම කියන්න යන්නෙ මේ කර්නල් ගැන පුංචි විස්තර ටිකක්.   සුදු පැහැති කබායකින් සැරසී සිනහවකින් මුව සරසාගෙන සිටින කර්නල් සැන්ඩර්ස් ලොව බාල මහලු කා තරත් ජනප්‍රිය චරිතයකි. ශ්‍රී ලංකාවේද 1995 පටන් ඔහු සැරිසරයි. මේ චරිතය  KFC ( Kentucky fried chicken) අවන්හල් ජාලයේ සන්නාම සළකුණයි. ඔහු KFC අවන්හල් ජාලයේ නිර්මාතෘ හාලන්ඩ් සැන්ඩර්ස් ය. සුදු පැහැති කබාය,කලු ටයි පටිය,කෙටි යට රැවුල මේ චරිතයේ සුවිශේෂී ලක්ෂණ වෙයි. ඔහුගේ නම සහ රුව ජනතාව තර ජනප්‍රිය වූ නිසා 1935 දී කෙන්ටකී ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඔහුට කෙන්ටකී කර්නල් යන නාමය ප්‍රධානය කළේය. ඔහුගේ අවන්හල් ජාලය ඇමෙරිකාවේ අංක එකේ ක්ෂණික ආහාර අවන්හල් ජාලය බවට පත්විය. නියම කුක් කෙනෙකු වන මේ කර්නල් මුලින්ම සිය ව්‍යාපාරය ආරම්භ කළේ ගෑස් පිරවුම්හල අසල සංචාරකයින්ට බැදපු කුකුලුමස් අලෙවි කරමිනි. කුකුලු මස් ඔහුටම ආවේණික වූ ක්‍රමයකට බදින ලද නිසා එහි වූයේ සුවිශේෂී රසයකි. එහි වට්...

සුපිරි BMW මෝටර් රථ ඉතිහාසය දැනගන්න

Image
බයිරිෂේ මෝටරෙන් වෙර්කේ(Bayerische Motoren Werke)ඉන් අදහස් වන්නේ බැවේරියන් මෝටර් වර්ක්ස්(Bavarian Motor Works)සඳහා කෙටි නාමය ඔබ අප කවුරුත් දන්නා BMW යන්න වේ.අද එහි ආරම්භයේ සිට දිගු ගමනක් පැමිණ ඇති අතර වඩාත් ජනප්‍රිය,ස්පෝර්ට්ස් සුඛෝපභෝගී හා පවුලේ මෝටර් රථයක් බවට පත්ව තිබේ. මෙම සුපිරි BMW ඉතිහාසය,එහි නිර්මාතෘ වන කාල් ෆෙඩ්රික් රැප්(Karl Friedrich Rapp)ගේ උත්සාහයේ ප්‍රථිඵලයක් ලෙස ජර්මනියේ Oberwiesenfeld හි Rapp Motorenwerke GmBH ලෙස ආරම්භ කරන ලදී.BMW සමාගම ආ‌රම්භයේ දී ගුවන් යානා සඳහා භාවිතා කරන V12 වර්ගයේ එන්ජින් නිෂ්පාදනය කිරීම සඳහා ගුවන් යානා නිෂ්පාදක ගුස්ටාව් ඔටෝ(Gustav Otto)සහ ඔස්ට්‍රෝ-ඩේම්ලර්(Austro-Daimler)යන සමාගම් සමග ගිවිසුම්ගත විය. 1916 දී ගුවන් යානා කර්මාන්තයේ සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා ගැනීමෙන් පසුව සමාගම බයරිෂේ මොටරෙන් වෙර්කේ ජීඑ.ම්බී.එච් (Bayerische Motoren Werke GmbH)ලෙස නම් කරන ලදී.මෙම කාලය තුලදී ෆ්‍රාන්ස් ජෝසෆ් පොප් (Franz Josef Popp )BMW සමාගමේ ගුවන් යානා එන්ජින් අධීක්ෂකයාට බවට පත්විය.සති කිහිපයක් ඇතුළත මැක්ස් ෆ්‍රිස්(Max Friz)විසින් නව ගුවන් යානා එන්ජිමක් සහිත ...

ක්ලියෝපැට්‍රා ගංජා භාවිතාකළ බව ඔබ දැන සිටියාද?

Image
ක්ලියෝපැට්‍රා කියන්නේ සුන්දරත්වයෙන් මුලු ලෝකෙම වශී කර ගත්ත සුරූපිනියක්. ඇය ඇගේ සුන්දරත්වය පවත්වාගෙන යන්න හරි අපූරු දේවල් භාවිතා කලා. ඒ අතර ඇය ඇගේ රූපලාවන්‍ය කටයුතු සඳහා ගංජා පවා භාවිතා කරල තියෙනවා. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ක්ලියෝපැට්‍රා මේ විදිහට රුව රැකගන්න භාවිතා කරපු දේවල් සහ ක්‍රම ගැනයි. කිරි ස්නානය නාන තටාකයට කිරි සහ මී පැණි මිශ්‍ර කර දිය නෑම ඇය රූපාලංකරණය සඳහා යොදාගත් ප්‍රධාන ක්‍රමවේදයක් වුනා. ඇගේ සුමුදු සමේ රහස මේ ආකාරයෙන් බූරුවන්ගේ කිරි මී පැණි සහ ආමන්ඩ් තෙල් යොදා ස්නානය කිරීමයි. මෙහිදී බූරුවන්ගේ කිරි වෙනුවට එලුවන්ගේ හෝ හරකුන්ගේ කිරි වුවත් යොදා ගැනීමේ හැකියාව තිබෙනවා.  ලුණු ස්ක්‍රබ් එක ස්නානයෙන් පසුව ඇය අපූරු ස්වභාවික ස්ක්‍රබ් එකක් යොදාගෙන  ශරීරය සම්භාහනය කරගෙන ති යෙනවා.   ඒ සඳහා ඇය යොදාගෙන තිබෙන්නේ මුහුඳින් ලබා ගන්නා ලුනුයි.  ක්‍රීම් වර්ගයක් සමඟ ලුණු මිශ්‍ර කරල සම්භාහනය කරොත් ඔයාලටත් සමේ මැරුණු සෛල ඉවත් කර ගන්න හැකියාව ලැබෙනවා.  මුහුණට සිදුකළ ස්වභාවික සත්කාර  කෝමාරිකා සහ මී පැණි මිශ්‍ර කර සාදාගන්නා ආලේපයක් ඇය විසින...

මොනවහරි කමු

Image
මෙක්සිකන් රොටී අවශ්‍ය  දේ ·          පාන් පිටි 500g ·          ලුණු කුඩු ·          යීස්ට් හෝ බේකින් පවුඩර් තේ හැඳි ½ ·          වතුර ·          අයිස් වතුරමේස හැඳි 5ක් ·          මාගරින් මේස හැඳි 3ක් ·          මොසරැල්ලා චීස් 25g ·          ගම්මිරිස් කුඩු තේ හැඳි ½   හදන විදිහ පළමුව පිටි හලා ගන්න . බේකින් පවුඩර්,යීස්ට්,ලුණු, ගම්මිරිස් සහ අයිස් වතුර දමා හොඳින් අනා ගන්න. පසුව ග්‍රේ ට් කරගත් චීස් දමා නැවත අනාගන්න. එයට වතුර ටික ටික දමමින් අතේ නොඇලෙන පදමට අනාගෙන කුඩා බෝල සාදා ගන්න. එම බෝල උඩින් තෙල් ස්වල්පයක් තවරන්න. මෙය පැයක් පමණ පිපෙන්නට තබන්න. පසුව බෝඩ් එකකට පිටි ස්වල්පයක් ඉස රවුමට   තුනී කරගෙන පෑන් එකට දමා පැත්තක් පුලුස්සා ගන්න. ර...